Medicare ශක්තිමත් කිරීමට $ බිලියන 2.2 ක අමතර ප්‍රතිපාදන

Medicare අරමුදල ශක්තිමත් කිරීම සඳහා ඩොලර් බිලියන 2.2 ක අමතර ප්‍රතිපාදන වෙන් කිරීමට ජාතික කැබිනෙට්ටුව තීරණය කර තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ ප්‍රධානත්වයෙන් අද බ්‍රිස්බන් හිදී රැස්වූ ඔවුන් තීරණය කර ඇත්තේ ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් තවත් ප්‍රතිපාදන වෙන් කිරීමටයි.

ප්‍රාථමික ප්‍රතිකාර සේවා වැඩි දියුණු කිරීම මෙහි මූලික අරමුණක් බවයි අගමැතිවරයා සඳහන් කලේ.

ඒ යටතේ ෆාමසි සහ වෛද්‍යවරුන් සඳහා වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන ඉහළ නැංවීමටයි නියමිතව ඇත්තේ.

මානසික සෞඛ්‍ය – මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් ඇතුලු තත්වයන් කෙරෙහිද ජාතික කැබිනෙට්ටුවේ අවධානය යොමු කල බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කලේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »