නෞකාවකින් ඇද වැටුණු ඔස්ට්‍රේලියානුවා සෙවීම නවතී

මගී ප්‍රවාහන නෞකාවකින් ඇද වැටීමෙන් අතුරුදන්වූ ඔස්ට්‍රේලියානුවා සෙවීමේ සෝදිසි මෙහෙයුම් නතර කර තිබෙනවා.

හවායි දූපත්වලට කිලෝමීටර් 1400 ක් පමණ දුරින් ගමන් කරමින් තිබූ නෞකාවකින් ඇද වැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ බ්‍රිස්බන් හි පදිංචි 35 හැවිරිදි අයෙකුයි.

නෞකා කාර්ය මණ්ඩලය සහ අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය විසින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවද අවසානයේ අතහැර දමා තිබෙනවා.

අදාළ නෞකාව පසුගිය අප්‍රේල් 12 වනදා බ්‍රිස්බන් වරායෙන් පිටත්ව අද දිනයේදී හොනලූලූ වරාය දක්වා සේන්දු වීමටයි නියමිතව තිබුණේ.

මෙම සිදුවීම පිළිබඳව නෞකා සමාගමද කණස්සල්ල පළ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »