
ඔන්ලයින් සූදූ ක්‍රීඩාවල නිරතවීමේදී ක්‍රෙඩිට් කාඩ් භාවිතය තහනම් කිරීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.
මෙම වසර අවසානයට පෙර අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට හඳුන්වාදීමටත් සම්මත වූ වහා ක්‍රියාවට නැංවීමටත් නියමිතයි.
මෙය ලොතරැයි සඳහා අදාළ නොවන බවයි ෆෙඩරල් රජය අවධාරණය කරන්නේ.

මීට ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 81 ක් පමණ සහය පළකරන බව ද සඳහන්.
ඩෙබිට් කාඩ් භාවිතයට කිසිදු වාරණයක් නොවන අතර තමන් සතුව පවතින මුදලින් සූදූ ක්‍රීඩා කල යුතුය යන්න රජයේ ස්ථාවරය වී තිබෙනවා.

සූදූ ක්‍රීඩාවලදී වැඩිම මුදලක් අහිමි කරගන්නා ජාතිය ඔස්ටේ්‍රලියානුවන් බවයි මෑතකදී නිකුත් වූ සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ.
ඒ අනුව වසරකදී ඔවුන් විසින් අහිමි කරගන්නා මුදල ඩොලර් බිලියන 25 කට ආසන්න බවයි පැවසෙන්නේ.
ඔන්ලයින් සූදූ ක්‍රීඩා පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් විසින්ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහි නිර්දේශද තවත් මාස කිහිපයකින් ලැබීමට නියමිතයි.