මෙල්බන් නගරයේ මිළ අධිකම නිවාස සංකීර්ණයේ හිමිකරු 30 හැවිරිදි වියෙහි පසුවන අයෙකු බව අනාවරණය කර තිබෙනවා.
ඒඩ්‍රියන් පෝර්ටෙලි නම් ඔහු ඩොලර් මිලියන 39 ක මුදලකට මෙලෙස මිළදී ගෙන ඇත්තේ මෙල්බන් CBD හි La Trobe වීදීයේ පිහිටා ඇති නිවාස සංකීර්ණයකුයි.
තවමත් ඉදි කිරීම් අවසන්ව නොමැති මෙහි සති අන්තයේ වැඩි වශයෙන් කාලය ගත කිරීමට යොදා ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු පවසා ඇත්තේ.
තම ඩොලර් මිලියන 03 ක් වටිනා සුපිරි මෝටර් රථය මෙම නිවාස සංකීර්ණයේ ඉතාම ආරක්ෂාකාරී ස්ථානයක තැබීමට තමන් සූදානම් බවද ඒඩ්‍රියන් පෝර්ටෙලි සඳහන් කර තිබෙනවා.
මෙහි ඩොලර් මිලියන 1.2 ක් පමණ වටිනාකමැති නිවාස ඒකක 325 ක් පමණ පවතින අතර ඉන් සියයට 95 ක් පමණ මේ වනවිටත් අලෙවි වී අවසන්.