දශක කිහිපයකට පසු ඔස්ට්‍රේලියාවේ ආහාර මිළ වැඩිම ඉහළයාම පසුගිය වසරේ

දශක කිහිපයකට පසු වසරක කාලය තුළදී ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිළ ගණන් වැඩිම අගයකින් ඉහළ ගිය වර්ෂය බවට පසුගිය වසර පත්වී තිබෙනවා.

ඒ අනුව සියයට 08 ත් 15 ත් අතර අගයකින් ආහාර මිළ ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

කිරි – යෝගට් – චීස් වැනි ද්‍රව්‍ය මිළ ගණන් වැඩිම අගයකින් ඉහළ ගොස් ඇත්තේ සියයට 15 ක පමණ අගයක් සටහන් කරමිනුයි.

පාන් සහ ධාන්‍යමය ආහාර මිළ ගණන් සියයට 12 කින්ද – පළතුරු හා එළවලු මිළ ගණන් සියයට 05 කට ආසන්න අගයකින්ද – මාංශ මිළ ගණන් සියයට 04 කින් පමණද වැඩිවී තිබෙනවා.

සමස්තයක් ලෙස පසුගිය වසරේ මුල් කාර්තුවට වඩා මෙම වසරේදී ආහාර මිළෙහි ඉහළයාම සියයට 08 ක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »