Search

ඔස්ට්‍රේලියාවේ වැඩිම බදු වික්ටෝරියාවෙන් – ලබන මාසයේ තවත් බදු

ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන්ම බදු ගෙවන ජනතාවක් වාසය කරනුයේ වික්ටෝරියා ප්‍රාන්තයේ බව අනාවරණය වී තිබෙනවා.

එසේ තිබියදීත් ලබන මාසයට යෙදී ඇති ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණයෙන්ද නැවතත් බදු ඉහළ දැමීමක් සිදුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

දැනට සාමාන්‍යයෙන් වසරකදී වික්ටෝරියානු පවුලක් විසින් ගෙවන මුලු බදු ප්‍රමාණය ඩොලර් 21,365 ක් වන අතර ඉන් ඩොලර් 5,638 ක් පමණ නාගරික කවුන්සිල සහ ප්‍රාන්ත රජයට ගෙවන බදු බවයි පැවසෙන්නේ.

ලබන මාසයට යෙදී ඇති ප්‍රාන්ත අයවැයේදී ඉඩම් බදු ඉහළ ගොස් මුද්දර බදු අඩුවනු ඇති බව සඳහන්.

2026 වසර වනවිට වික්ටෝරියා ප්‍රාන්ත රජයේ මුලු ණය බර ඩොලර් බිලියන 165 ක් පමණ වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »