හෙට ANZAC දින එක් එක් ප්‍රාන්තවලට නිවාඩු මෙහෙමයි

හෙටට යෙදී ඇති ANZAC දිනයේදී එක් එක් ප්‍රාන්තවලට නිවාඩු හිමිවන ආකාරය සම්බන්ධයෙයන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

සති අන්තයේ නොවන දිනයකදී මෙවර ANZAC දිනය යෙදී ඇති බැවින් සියලුම ප්‍රාන්තවල හෙට ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස අනුගමනය කිරීමට නියමිතයි.

හෙට දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ සිල්ලර වෙළඳ සැල් සහ ව්‍යාපාරික ස්ථාන පස්වරු 01 දක්වා තැබෙනු ඇති.

එහෙත් ඔසුසැල් – ඉන්ධන පිරවුම්හල් – අවන්හල් වැනි ස්ථාන නියමිත වේලාවන් හිදී විවෘතව පැවතීමට නියමිතයි.

දෙවන ලෝක යුධ සමයේදී සහ අනෙකුත් යුධ ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත යුධ විරුවන් අනුස්මරණය සඳහායි ANZAC දිනය සමරනු ලබන්නේ.

කිසියම් ආකාරයකින් එය සති අන්තයේ දිනයක යෙදී තිබුණේ නම් Northern Territory – ක්වීන්ස්ලන්ඩ් – දකුණු ඔස්ට්‍රේලියා සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ඊට පසුව එළඹෙන සඳුදා දිනයේදී එම නිවාඩුව ලබාදීම සිදුවනවා.

එහෙත් ටස්මේනියා ප්‍රාන්තයේ එලෙස නිවාඩුවක් ලබාදීමක් සිදුවන්නේ නැහැ.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »