Scam වළකන්න ෆෙඩරල් අයවැයෙන් $ මිලියන 10 ක්

පුද්ගලයන් සහ ව්‍යාපාර හිමියන් සයිබර් ප්‍රහාරවලින් වළක්වාලීම සඳහා ලබන මාසයට යෙදී ඇති ෆෙඩරල් අයවැයේදී ඩොලර් මිලියන 10 ක පමණ මුදලක් වෙන් කෙරෙනු ඇති බවට අනාවැකි පළවනවා.

Scam ඝනයට යටත් වන කෙටි පණිවිඩ ජංගම දුරකථනවලට පැමිණීම වළක්වාලීම කෙරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු කරන බවයි ෆෙඩරල් රජය නිවේදනය කලේ.

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානුවන් විසින් විවිධ වංචාවලට හසුවීමෙන් ඩොලර් බිලියන 3.1 ක මුදලක් අහිමිකරගෙන තිබූ අතර ඉන් බහුතරය Scam ඝනයට යටත් වන කෙටි පණිවිඩ සඳහා හසුවූවන් බව සඳහන්.

2022 වසරේදී ඔස්ට්‍රේලියාවෙි සමස්ත ජනගහණය වන මිලියන 25.7 න් අඩකට පමණ එක් වරකදී හෝ ව්‍යාජ කෙටි පණිවිඩ ලැබී තිබූ බවද පසුගියදා අනාවරණය වුණා.

වංචාකරුවන්ගේ ජනප්‍රියම උපාය මාර්ගය කෙටි පණිවිඩ වංචා වන අතර බැංකු සහ වෙනත් රාජ්‍ය ආයතන මුවාවෙන් එවන පණිවිඩ ඒ අතර වනවා.

පසුගිය වසරේදී පමණක් scam ඝනයට යටත්වන කෙටි පණිවිඩ මිලියන 90 ක් පමණ අවහිර කල බවද ඔස්ට්‍රේලියානු බළධාරීන් ප්‍රකාශ කලා.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »