
ලබන අගහරුවාදා දිනයට යෙදී ඇති ANZAC දිනය වෙනුවෙන් එක් එක් ප්‍රාන්තය විසින් double demerit points පණවන ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්තවල අද සිට ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රිය දක්වා රථවාහන වැරදි සිදුකරන රියදුරන්ට double demerit points පැණවීම සිදුවනු ඇති.
ප්‍රසිද්ධ නිවාඩු දිනවලදී double demerit points පැණවීම බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ සාමාන්‍යයෙන් සිදුකෙරුණද මෙවර ANZAC දිනය වෙනුවෙන් එලෙස පැණවීමක් සිදුවන්නේ නැහැ.

කෙසේවෙතත් වසරේ ඉදිරි කාලයට යෙදී ඇති අනෙකුත් ප්‍රසිද්ධ නිවාඩු සඳහා නියමිත ආකාරයෙන් double demerit points පැණවීම සිදුවනවා.
ක්වීන්ස්ලන්ඩ් හි වසර පුරා ක්‍රියාත්මක වන අයුරින් නියමිත වේගය ඉක්මවා යාම – රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය සහ ආසන පටි නොපැළඳීම යන වැරදි සඳහා double demerit points පැණවීම ක්‍රියාත්මකයි.

වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා සහ Northern Territory ප්‍රාන්තවල කිසිදු ආකාරයකින් double demerit points පැණවීමක් සිදුවන්නේ නැහැ.