ක්වීන්ස්ලන්ඩ් නිවාස කුළී ඉහළ දැමීම වසරකට එක් වරකට සීමා කරයි

Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස කුළී ඉහළ දැමිය හැකි ක්‍රමවේදය සංශෝධනය කිරීම කෙරෙහි ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව දැනට අවසර පවතින මාස 06 කට වරක් කුළී ඉහළ නැංවීම වෙනුවට වසරකට එක් අවස්ථාවකදී පමණක් ඒ සඳහා අනුමැතිය දෙන සංශෝධන ගෙන එන බවයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ.

විදෙස් රටවල සිට පැමිණෙන සංක්‍රමණිකයන් මෙන්ම අන්තර් ප්‍රාන්ත සංක්‍රමණිකයන්ද වැඩි වශයෙන් ක්වීන්ස්ලන්ඩ් වෙත යොමුවීම හමුවේ ප්‍රාන්තයේ නිවාස අර්බුදය ඉහළයමින් පවතිනවා.

නිවාස කුළී ඉහළයාම ඇතුලු එම ගැටලු සියල්ල සාකච්ඡා කිරීම සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ වට මේස සාකච්ඡාවට පෙරයි අගමැතිනිය විසින් මෙම අනාවරණය සිදුකලේ.

පසුගිය වසර 05 පුරා ක්වීන්ස්ලන්ඩ් හි නිවාස නොමැති ජනතාවගේ ප්‍රතිශතය සියයට 22 දක්වා ඉහළගොස් ඇතැයි පසුගියදා අනාවරණය වුණා.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »