Temporary වීසා මත සිටින සංක්‍රමණික සේවකයින්ට සුභ ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත සිටින සංක්‍රමණික සේවකයින් රැකියා කිරීමේදී නීතියෙන් ලැබෙන ආරක්ෂාව පැහැදිලි කිරීමට කම්කරු පක්ෂ රජය පියවර ගෙන තිබෙනවා.

තාවකාලික වීසා මත සිටින සංක්‍රමණික සේවකයින් රැකියාවේදී අධික ලෙස ශ්‍රම සූරාකෑමට ලක්වීම ඊට හේතුවයි.

බොහෝ විට රැකියා ස්ථානයේ දී හිමිවන අයිතිවාසිකම් පිළිබඳ ඔවුන් නොදැනුවත් බවද සඳහන්.

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සමාන සේවක ආරක්ෂණයන් සඳහා ඔවුන්ටද හිමිකම් ඇති බව පැහැදිලි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සංක්‍රමණික ශ්‍රමිකයින් සූරාකෑමට එරෙහිව සටන් කිරීම සඳහා වන වැදගත් පියවරක් ලෙස මෙම යෝජිත පනත් කෙටුම්පත හැඳින්විය හැකි බවයි කම්කරු පක්ෂ රජය අවධාරණය කරන්නේ.

මෙම වෙනස ඇති කිරීමෙන් තාවකාලික සංක්‍රමණික සේවකයන්ට අනෙකුත් ඔස්ට්‍රේලියානුවන්ට හිමි සමාන රැකියා අයිතිවාසිකම් සහ ආරක්ෂාව ඇති බවට තහවුරු කෙරෙනු ඇති.

මෙරට සංක්‍රමණික සේවකයින්ගෙන් 58% ක් නියමිත ප්‍රමාණයට වඩා අඩු වැටුප් ලබන බවයි පසුගියදා නිකුත් වූ වාර්තාවක සඳහන් වූයේ.

CREDIT / SOURCE – SBS

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »