රුපියල තව රජ වෙයි – ඔස්ට්‍රේලියානු ඩොලරය රු 230 ටත් අඩුවෙන්

AUD LKR DOLLAR RUPPEE

රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවත් පහතට වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතය අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 318.30ක් වන අතර විකිණුම් මිල රු 335.75ක් බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ විකිණුම් අගය අද වාර්තා වී ඇත්තේ රුපියල් 230 ටත් අඩුවෙනුයි.

අද (07) වන විට මෙරට වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.00 ක් දක්වා ත් විකුණුම් මිල රු. 335.00 ක් දක්වා ත් පහළ ගොස් තිබුණු අයුරු නිරීක්ෂණය කළ හැකි විය.

ඒ අනුව අද (07) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු.322.50 – රු. 337.50

මහජන බැංකුව – රු. 322.64 – රු. 337.29

සම්පත් බැංකුව – රු. 315.00 – රු. 335.00

HNB – රු. 315.00 – රු. 335.00

සෙලාන් බැංකුව – රු. 315.00 – රු. 335.00

DFCC – රු.315.00 – රු. 335.00

NDB – රු. 320.00 – රු. 335.00

DFCC – රු. 315.00 – රු. 335.00

අමානා බැංකුව – රු. 315.00 – රු.335.00

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »