Search

මෙල්බන් ට්‍රෑම් අනතුරු 60% කින් ඉහළට

මෙල්බන් නගරයේ රථ වාහන සහ ට්‍රෑම් රථ ගැටීම් අනතුරු සංඛ්‍යාව සියයට 60 කින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේදී එවැනි අනතුරු 960 ක් වාර්තා වී ඇති අතර ඉන් 166 ක් බරපතල වර්ගයේ අනතුරු ලෙසයි නම් කර ඇත්තේ.

මේ අනුව සාමාන්‍යයෙන් එක් දිනයකදී ට්‍රෑම් රථ සම්බන්ධ අනතුරු 03 ක් මෙල්බන් නගරයෙන් වාර්තාවන බවට තක්සේරු කර තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේ එක් දිනයකදී ට්‍රෑම් රථ සහ වෙනත් වාහන ගැටීම් අනතුරු 10 ක් වාර්තා වූ දිනයක්ද පැවති බව සඳහන්.

මේ වනවිට එක් දිනයකදී සාමාන්‍යයෙන් අලුත්වැඩියා කිරීමට යොමු කෙරෙන ට්‍රෑම් රථ සංඛ්‍යාව 10 ක් පමණ වනවා.

මෙල්බන් නගරයේ ට්‍රෑම් රථ සම්බන්ධ අනතුරුවලින් සියයට 95 කටම වගකිව යුතු වන්නේ මාර්ගයේ ධාවනය වන සෙසු වාහන බවටයි වික්ටෝරියා ප්‍රවාහන බළධාරීන් සඳහන් කර සිටින්නේ.

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »