නිවු සවුත් වේල්ස් ඡන්ද දායකයන්ට විශේෂ දැනුම්දීමක්

ලබන මස 25 වනදාට යෙදී ඇති නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේදී ඔන්ලයින් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීම අත්හිටුවා තිබෙනවා.

කෙසේවෙතත් පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම සාමාන්‍ය පරිදි සිදුවන අතර මාර්තු 18 වනදා සිට 24 වනදා දක්වා එය සිදුකෙරෙනු ඇති.

මැතිවරණ දිනයේදී ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කල නොහැකි යැයි හැගී යන ඕනෑම අයෙකුට ඒ සඳහා අවස්ථාව පවතිනවා.

එදිනට වෙනත් ප්‍රාන්තයක හෝ වෙනත් රටක සිටීමට සිදුවන නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් ද ඒ සඳහා කටයුතු කල යුතුයි.

එමෙන්ම සුදුසුකම් සහිත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමටද හැකියි.

ඒ සඳහා ලබන මාර්තු 20 වනදා පස්වරු 06 ට පෙර නිවු සවුත් වේල්ස් මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් හෝ තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි විය යුතුයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ට ඩොලර් 55 ක දඩයකට යටත්වීමට සිදුවනවා.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »