ඔස්ට්‍රේලියා බළලුන්ගේ පහරකෑම්වලට ලක්ව වසරකදී මිලියන 340 ක් මරුට

ඔස්ට්‍රේලියාවේ නිවාසවල සුරතලයට ඇති කරන බළලුන්ගේ පහරකෑම්වලට ලක්ව වසරකදී මියයන අනෙකුත් සත්වයන්ගේ සංඛ්‍යාව මිලියන 340 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

ඉන් බහුතරය පක්ෂීන් සහ කෘමින් බවටයි තක්සේරු කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට ආවේණික සත්වයන් පවා මෙලෙස බළලුන්ගේ පහරකෑම්වලට ලක්ව මියයන බව සඳහන්.

මෙම තත්වය වළක්වා ගැනීම සඳහා නාගරික කවුන්සිල මට්ටමින් නීති සකස් කර ප්‍රාන්ත රජයන් වෙත යොමු කල යුතු බවට යෝජනාවක්ද මේ වනවිට ඉදිරිපත් වි තිබෙනවා.

නිවාසවල සුරතලයට ඇති කරන බළලුන් විසින් අනෙකුත් සත්වයන්ට සිදුකරන හිරිහැර වළක්වාලීමට පියවර ගෙන ඇත්තේ ඔවුන්ගේ හිමිකරුවන්ගෙන් 1/3 ක් පමණක් බවටද වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »