Superannuation බදු ගැන ග්‍රීන්ස් පක්ෂ ඉල්ලීම ඉවතට

Superannuation ශේෂය මත පණවන බදු ඉහළ නැංවීමේ යෝජනාව නැවත සළකා බලන්නැයි ග්‍රීන්ස් පක්ෂය විසින් කරන ලද ඉල්ලීම අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ඉවත දමා තිබෙනවා.

අදාළ පාර්ලිමේන්තු විවාදය අතරතුර ඉදිරිපත් වන සංශෝධණ සළකා බැලීමට පමණක් සූදානම් බවයි අගමැතිවරයා අවධාරණය කලේ.

Superannuation ශේෂය ඩොලර් මිලියන 03 කට වැඩි ඕනෑම අයෙකුගෙන් අය කෙරෙන බද්ද සියයට 30 දක්වා ඉහළ දැමීමේ යෝජනාවක් 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට ෆෙඩරල් රජය පසුගියදා යෝජනා කලා.

කෙසේවෙතත් කිසිදු බදු වැඩි කිරීමක් සිදු නොකරන බවට පසුගිය මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දුව මෙමගින් කඩවන බවයි ග්‍රීන්ස් පක්ෂය පෙන්වා දෙන්නේ.

ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ නව බදු පැණවීමට වඩා Superannuation ගිණුම්වල ශේෂය ඩොලර් මිලියන 1.9 ට වැඩි සියල්ලන්ට දැනට දී ඇති සියලු බදු සහන කප්පාදු කල යුතු බවයි.

සෙනට් සභාවේ ග්‍රීන්ස් පක්ෂ සභිකයන් 11 දෙනෙකු සිටින අතර කිසියම් වැදගත් යෝජනාවක් සම්මත කරගැනීමේදී ඔවුන්ගේ සහයද අත්‍යවශ්‍ය වනවා.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »