ක්වීන්ස්ලන්ඩ් පාසල් කාලසීමාව අඩු කිරීමේ නියමු ව්‍යාපෘතියක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල සතියක අධ්‍යයන කාලසීමාව අඩු කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඇතැම් පාසල්, දිනයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන වේලාව ප්‍රමාද කර සහ අවසාන කරන වේලාව පෙරට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

තවත් පාසල් සිකුරාදා දිනයේ පමණක් පාසල් කටයුතු අවසාන කරන වේලාව පැය කිහිපයක් පෙරට ගැනීමට සැළසුම් කර තිබෙනවා.

මෙමගින් විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන්ට විභාග සඳහා සූදානම් වීමට අමතර කාලයක්ද – ප්‍රාථමික සිසුන්ට බාහිර ක්‍රියාකාරකම්වල නිරතවීමට වැඩි ඉඩකඩක්ද ලැබෙන බව සඳහන්.

නියමු ව්‍යාපෘතිය අවසානයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් කුමන විකල්පය අනුගමනය කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීමටයි නියමිතව ඇත්තේ.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »