ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ සියලු තොරතුරු තනි ඇප්ලිකේෂනයකින්

ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ සියලු තොරතුරු තනි ජංගම දුරකථන ඇප්ලිකේෂනයකින් ලබාගැනීමට පහසුකම් සළසා තිබෙනවා.

ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් යන මෙහෙයුම් පද්ධති දෙකම ආවරණය වන පරිදියි My Health නම් මෙම නව ඇප්ලිකේෂනය නිර්මාණය කර ඇත්තේ.

රෝහල් ගත වීම් – ශෛල්‍යකර්මවලට ලක්වීම් – කොවිඩ් පී සී ආර් පරීක්ෂණ ප්‍රථිඵල සහ අසාත්මිකතා පිළිබඳ තොරතුරු ඊට ඇතුළත්.

එමෙන්ම ඉදිරියේදී ලබාගත යුතු එන්නත් පිළිබඳ තොරතුරු – Medicare වාර්තා ඇතුලු සියලුම සෞඛ්‍ය තොරතුරු මෙම ජංගම දුරකථන ඇප්ලිකේෂනයට ඇතුළත් කර තිබෙනවා.

My Health Record සඳහා ඇතුළත් කෙරෙන සියලුම තොරතුරු එසැණින් My Health ඇප්ලිකේෂනයේ යාවත්කාලීන වන බවයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »