Search

ඉදිරි වසර 22 දී ඔස්ටේ්‍රලියාවෙන් පිළිකා මරණ ලක්ෂ 15 ක්

ඉදිරි වසර 22 ක කාලය තුළ ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් විවිධ පිළිකා රෝග හේතුවෙන් මරණයට පත්වනු ඇති බවට නවතම අධ්‍යයනයක් අනාවරණය කර තිබෙනවා.

සිඩ්නි විශ්ව විද්‍යාලය ඇතුලු පාර්ශව කිහිපයක් එක්වයි මෙම සමීක්ෂණය සිදුකර තිබුණේ.

2020 සිට 2044 වසර දක්වා කාලය තුළදී අලුතින් පිළිකා රෝගීන් ලක්ෂ 45 කට වැඩි පිරිසක් හඳුනාගනු ඇතැයිද ඉන් ලක්ෂ 30 කට ආසන්න පිරිසක් සුවය ලබනු ඇතැයිද මෙහිදි හෙළිවී තිබෙනවා.

වහා නිසි අධ්‍යයනයක් සිදුකලහොත් මෙම මරණ සංඛ්‍යාව අඩු කරගත හැකිවනු ඇතැයිද සමීක්ෂකයන් පෙන්වා දී ඇතැයි සඳහන්.

කෙසේවෙතත් 2020 වසරට පෙර වසර 25 හා සැසඳීමේදී මෙම මරණ සංඛ්‍යාව සියයට 20 ක පමණ පහළයාමක් බවටයි මෙහිදී වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »