ඔස්ටේ්‍රලියාවේ මත්ද්‍රව්‍ය මරණ වැඩිම ප්‍රමාණයක් ACT ප්‍රාන්තයෙන්

ඔස්ටේ්‍රලියාවේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ මරණ අතුරින් වැඩිම ප්‍රමාණයක් සටහන් වන්නේ ACT ප්‍රාන්තයෙන් බව අනාවරණ වී තිබෙනවා.

ජනගහණයට සාපේක්ෂව ACT හි සෑම පුද්ගලයන් 100,000 කට එවැනි මරණ 12 ක් සටහන් වන බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

කෙසේවෙතත් සමස්ත ඔස්ටේ‍රලියාව සැළකීමේදී එම අගය පුද්ගලයන් 100,000 කට මරණ 07 ක් වනවා.

මින් සියයට 52 ක් පුරුෂයන් වන අතර එයින්ද වැඩිම පිරිස වයස අවුරුදු 34 ත් 44 ත් අතර වනවා.

2020 වසරේ සිට ACT ප්‍රාන්තයේ හෙරොයින් භාවිතය කැපී පෙනෙන අන්දමින් ඉහළ ගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »