ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ඔස්ටේ්‍රලියාවේ RMIT විශ්ව විද්‍යාලය අතර වැදගත් ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවල කණිෂ්ඨ ආචාර්යවරුන් සඳහා RMIT සරසවියේදී ආචාර්ය පුහුණුව ලබාදීමයි මෙහිදී සිදුවන්නේ.
දැනට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 04 ක් සමග මෙවැනි අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
ඒ අනුව 31 දෙනකු ආචාර්ය උපාධි හදාරමින් සිටින බව සඳහන්.
RMIT විශ්ව විද්‍යාලය සමග ඇතිකරගත් අවබෝධතා ගිවසුමත් සමග එම අවස්ථා තවත් පුලුල් වන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියාසිටියේ.