ඔස්ටේ්‍රලියාවට බෝට්ටුවලින් ආ 12,000 කගේ ඉරණම තවමත් වැට උඩ

බෝට්ටු මගින් පැමිණි අනවසර සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාදීමේ වැඩපිළිවෙලට දැනටමත් මෙරටට එලෙස පැමිණ සිටින අතිවිශාල පිරිසක් අයත් නොවනු ඇති බවට වාර්තා පළවනවා.

ඉන් බහුතරයක් 2013 වසරෙන් පසු මෙරටට පැමිණි අය වීම ඊට හේතුවයි.

මේ අනුව දැනට තාවකාලික වීසා බලපත් මත සිටින 12,000 කට ආසන්න පිරිසක් තවදුරටත් අවිනිශ්චිත තත්වයක පසුවන බවයි සංක්‍රමණ විද්වතුන් පෙන්වා දෙන්නේ.

සිවිල් යුධමය වාතාවරණ හේතුවෙන් මෙන්ම දේශපාලන රැකවරණ පතා ඔස්ටේ්‍රලියාවට පළා ආ ඇෆ්ඝන් සහ ශ්‍රී ලංකා පුරවැසියන් සැළකිය යුතු පිරිසක්ද ඒ අතර වනවා.

ඔවුන් පිළිබඳ ෆෙඩරල් රජය වහා අවසන් තීරණයක් ගත යුතු බවයි මානව හිමිකම් සංවිධානද අවධාරණය කරන්නේ.

2013 වසරට පෙර බෝට්ටු මගින් ඔස්ටේ්‍රලියාවට පැමිණි අනවසර සංක්‍රමණිකයන් 19,000 කට ස්ථිර පදිංචිය පිරිනැමීමට ෆෙඩරල් රජය පසුගියදා තීරණය කලා.

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »

අසභ්‍ය වෙබ් අඩවිවලින් ළමයින් බේරා ගන්න අලුත් වැඩක්

කුඩා ළමයින් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශණ නැරඹීම අවම කිරීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »