
ඔස්ටේ්‍රලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.
එය පෙර වසර හා සැසඳීමේදී සියයට 13 ක ඉහළයාමක් බවටයි හඳුනාගෙන ඇත්තේ.
සෑම විනාඩි 07 කටම වරක් කුමන හෝ සයිබර් අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබෙන බව මේ අනුව තහවුරු කරගෙන තිබෙනවා.

සොරාගන්නා ලද දත්ත අයථා ක්‍රියා සඳහා භාවිත කරන බවට සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් අනතුරු අගවා සිටීම මින් ප්‍රමුඛ වී ඇති බවයි ඔස්ටේ්‍රලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.
එක් සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් කුඩා පරිමාණ ව්‍යාපාරයකට ඩොලර් 40,000 ක් – මධ්‍යම පරිමාණ ව්‍යාපාරයකට ඩොලර් 62,000 ක් සහ මහා පරිමාණ ව්‍යාපාරයකට ඩොලර් 88,000 ක පිරිවැයක් දැරීමට සිදුවන බවද තහවුරු කරගෙන තිබෙනවා.
