
ඔස්ටේ්‍රලියාව තුළ නිෂ්පාදනය කෙරෙන චීස් – බටර් – යෝගට් ඇතුලු කිරි නිෂ්පාදනවල මිළ ගණන් ඉදිරි දිනවල සැළකිය යුතු අගයකින් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.
කිරි සැපයුම පහළයාම සහ උද්ධමනය ඉහළයාම ඊට ප්‍රධාන හේතු බව සඳහන්.
මේ හරහා ආනයනික කිරි නිෂ්පාදනවල මිළ ගණන් පහළ අගයක පැවතීම හමුවේ පාරිභෝගිකයන් ඒ සඳහා වැඩි වශයෙන් යොමුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඒ අනුව ඔස්ටේ්‍රලියාවේ චීස් – බටර් ඇතුලු කිරි නිෂ්පාදන කර්මාන්තය අඩාල වනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ඉහළම කිරි මිළ සටහන්වී ඇත්තේ 2021-22 කාලසීමාවේදීයි.
