මේ වසරේදී ඔස්ටේ්‍රලියාවෙන් තවත් කොවිඩ් රැලි දෙකක්

ඔස්ටේ්‍රලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය පෝල් කෙලී සහ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී මයිකල් කිඩ් කොවිඩ් පිළිබඳ වූ සෙනෙට් පරීක්ෂණයකට මුහුණ දී තිබෙනවා.

මෙහිදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය පෝල් කෙලී සඳහන් කර ඇත්තේ කොවිඩ් සමග කටයුතු කිරීමට රජය උපාය මාර්ගයක් සකස් කරමින් සිටින බවයි.

කෙසේ නමුත් මෙය ක්‍රියාත්මක වන කාලසීමාවක් ඔහු සපයා නොමැති බව සඳහන්.

මහාචාර්ය පෝල් කෙලී සඳහන් කොට ඇත්තේ නිසි තොරතුරු නොමැතිකම හේතුවෙන් Long COVID පිළිබඳව දත්ත එකතු කිරීම සංකීර්ණ සහ අභියෝගාත්මක කටයුත්තක් වන බවයි.

එමෙන්ම බ්‍රහස්පතින්දා දිනයේදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය පෝල් කෙලී කියා සිටියේ මේ වසරේදී තවත් කොවිඩ් රැලි දෙකක් පමණ අපේක්ෂා කරන බවයි.

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »