මදුරුවන් මගින් බෝවන ලෙඩකින් වික්ටෝරියාවෙන් වසර 50 කට පසු මරණයක්

මදුරුවන් මගින් බෝවන මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය ආසාධනය වීමෙන් වසර 50 කට පමණ පසු වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු මරණය වාර්තා වී තිබෙනවා.

බටහිර වික්ටෝරියා හි පදිංචි 60 හැවිරිදි කාන්තාවක මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

පළමුවෙන් සැක පළවී තිබුණේ ඇයට ජැපනීස් එන්සෙපලයිටීස් වැළඳී ඇති බවටයි.

කෙසේවෙතත් දීර්ඝ පරීක්ෂාවන්ගෙන් අනතුරුව තහවුරු කරගෙන ඇත්තේ ඇය මියගොස් ඇත්තේ මරේ වැලි එන්සෙපලයිටීස් ආසාධනය වීමෙන් බවටයි.

අවසාන වරට වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙවැනි මරණයක් වාර්තා වී ඇත්තේ 1974 වසරේදීයි.

එහෙත් මරේ වැලි එන්සෙපලයිටීස් වැළඳීමෙන් නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 2011 වසරේදී මරණ 02 ක් සටහන්වී තිබුණා.

මදුරුවන් ආශ්‍රිතව ව්‍යාප්ත වන මෙම වෛරසය ආසාධනය නොවීමට හැකිතාක් මදුරු දෂ්ඨන වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව සිරුර හැකිතාක් ආවරණය වන ඇඳුම් භාවිතය සහ ගොවිපොළ ආශ්‍රිතව රැකියා කරන්නන් සහ වාසය කරන්නන් විමසිලිමත්වීම වැදගත් බව සඳහන්.

මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය සඳහා මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැති අතර එය ඇතැම්විට මාරාන්තික බවයි පැවසෙන්නේ.

අධික උණ – හිසරදය – ඇගපත රුදාව – වමනය සහ මස්පිඩු වේදනා එහි රෝග ලක්ෂණ අතර වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »