වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

වික්ටෝරියා ප්‍රාන්තයේ සත්ව ගොවිපළකින් පළමු වරට කුරුළු උණ ආසාදිත සතුන් හඳුනාගෙන තිබෙනවා.

වික්ටෝරියා කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව ද මේ සම්බන්ධයෙන් තහවුරු කර ඇති අතර බිත්තර ගොවිපළක් වන මෙහි කුරුළු උණ ආසාදිත සතුන් කොපමණ ප්‍රමාණයක් මියගොස් ඇත්ද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

ඒ අතර මෙම ගොවිපළ නිරෝධායනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එහිදී සිදු කෙරෙන පරීක්ෂණ මගින් රෝගයේ වර්ගය සහ ස්වභාවය තීරණය වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වික්ටෝරියානු ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී ග්‍රේම් කුක් පැවසුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කෘෂිකාර්මික  කාර්ය මණ්ඩලය ගොවිපලේ සිටි බවයි.

කුකුළු ගොවීන් සහ පක්ෂි හිමිකරුවන්ට පැහැදිලි කළ නොහැකි කුරුළු මරණ පිළිබඳ 1800 675 888 අංකය ඔස්සේ සත්ව රෝග ක්ෂණික ඇමතුම් අංකයට හෝ ප්‍රාදේශීය පශු වෛද්‍යවරයාට වාර්තා කරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »