
සංගීත සංදර්ශන මුවාවෙන් ඇතැම් ශ්‍රී ලාංකිකයන් සිදුකරන වංචා සහගත ක්‍රියා හමුවේ සැබෑ අරමුණු සඳහා වීසා අයදුම්කරන ලාංකිකයන්ට පවා ඔස්ටේ්‍රලියා විසා නොලැබීමේ අවධානමක් මතුවී තිබෙනවා.
ඇතැම් පාර්ශව විසින් විවිධ සංගීත ප්‍රසංග සංවිධාන කරන මුවාවෙන් ඔස්ටේ්‍රලියානු වීසා ලබාගැනීමට විවිධ උපක්‍රම ක්‍රියාත්මක කිරීම ඊට හේතුවයි.
සංගීත ප්‍රසංග සංවිධාන කර දින කිහිපයක් තිබියදී ඒවා අවලංගු කිරීම මෙහි ප්‍රධාන ලක්ෂණයයි.

ප්‍රසංග සඳහා වීසා ලැබෙන සංගීත ශිල්පීන් ඔස්ටේ්‍රලියාවට පැමිණිමෙන් පසු අතුරුදන්වීම ද සුලභ කරුණක් බවට පත්ව ඇති අතර පසුගිය වකවානුවේද මෙවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබුණා.
මෙවැනි දෑ හේතුවෙන් සිදුවන්නේ සැබෑ අරමුණු සඳහා ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සිසුන්ට මෙන්ම සිය දූ පූතුන් බැලීම සඳහා ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ශ්‍රී ලාංකික දෙමව්පියන්ට වීසා ලබාගැනීම අපහසුවීමයි.

එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ ඇති ප්‍රතිරූපය තවත් හානිවීමටද මෙවැනි කූට උපක්‍රම බලපාන බවටයි චෝදනා එල්ල වන්නේ.
මෙවැනි කටයුතු හේතුවෙන් සැබෑ ලෙසම සිය කටයුතුවල නිරතවන ලාංකික සංගීත ශිල්පීන්ට සිදුවන්නේ දැඩි අසාධාරණයක්.
එමෙන්ම සංගීත ක්ෂේත්‍රයේ පරිහාණියටද මෙවැනි කටයුතු ඉවහල් වන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවට ඩොලර් උපයාදීම සඳහා කැපවීමෙන් කටයුතු කරන සංගීත ශිල්පීන් අධෛර්යමත් වීමත් – රටට ලැබිය යුතු ආදායම් නොලැබීමත් මේ හරහා සිදුවීමත් කණගාටුවක කරුණක්.