Search

ඔස්ටේ්‍රලියාව පුරා තවත් වෙස්ට්පැක් ශාඛා 20 ක් වසා දමයි

ඔස්ටේ්‍රලියාව පුරා තවත් බැංකු ශාඛා 20 ක් වසා දැමීමට වෙස්ට්පැක් බැංකුව තීරණය කර තිබෙනවා.

මේ හරහා රැකියා 100 කට ආසන්න සංඛ්‍යාවක් අහිමිවීමට නියමිත බවටයි බැංකු වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

මෙහෙයුම් අලාභ යැයි පවසමින් බැංකු ශාඛා වසා දැමුණද පසුගිය වසරේදී ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන් වෙනුවෙන් අති විශාල ප්‍රසාද දීමනා ලබා දී ඇති බව ඔවුන් සඳහන් කරනවා.

2021 වසරට වඩා පසුගිය වසරේදී සිය ශුද්ධ ලාභය සියයට 04 කින් ඉහළ ගොස් ඇති බවත් එය ඩොලර් බිලියන 5.65 කට ආසන්න බවත් වෙස්ට්පැක් බැංකුව පසුගියදා අනාවරණය කලා.

එමෙන්ම වියදම් සියයට 19 කින් අඩු වී ඇති බවයි ඔවුන් තවදුරටත් කියාසිටියේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »