
ඔස්ටේ්‍රලියාවේ ආගමන විගමන නීති සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ ඔස්ටේ්‍රලියානු සංක්‍රමණ නීතිවල පවතින ඇතැම් හිඩැස් හේතුවෙන විවිධ අපරාධ – ලිංගික සේවය සහ මිනිස් ජාවාරම් සඳහා පුද්ගලයන් රටට ගෙන්වා ගැනීම්වල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.
විශේෂයෙන් සංචාරක වීසා සහ ශිෂ්‍ය වීසා මත පැමිණෙන ඇතැමුන් නීති විරෝධි ක්‍රියා සඳහා සම්බන්ධවීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බවද ගවේෂණාත්මක අනාවරණයකදි හෙළිකරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ලබන මැයි මාසයේ අතුරු අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමටත් පියවර ගැනීමට නියමිතයි.
කිසිදු අපරාධකැවෙකුට ඔස්ටේ්‍රලියාව තුළ රැකවරණයක් ලැබිය යුතු නොමැති අතර සේවක හිගය විසඳාලීමට පුද්ගලයන් ගෙන්වා ගැනීමේදී සුදුසුම ක්‍රමවේදයක් අනුගමනය කල යුතුව ඇති බවයි ස්වදේශ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් කියාසිටියේ.
