ඔස්ටේ්‍රලියාවේ විද්‍යාඥයන් කොවිඩ් ගැන විශේෂ සොයාගැනීමක

පෙනහලූ වල ඇති ප්‍රෝටීනයක් මගින් කොවිඩ් ආසාදනය අවහිර කරන බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සිදුකල පර්යේෂණයකදී අනාවරණ වී තිබෙනවා.

කොවිඩ් ඇතුලූ වෛරස් ආසාදන වැලැක්වීම සඳහා නව ඖෂධ නිපදවීමට මෙම සොයාගැනීම උපකාරී වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසන්නේ දෙසැම්බර් මාසයේ වාර්තා වූ වත්මන් කොවිඩ් රැල්ලේ උච්චතම අවස්ථාවෙන් පසු ආසාදිතයින් සංඛ්‍යාව 80% කට වඩා අඩු වී ඇති බවයි.

ඔස්ට්‍රේලියාවට මාර්තු මස මුලදී ඔමික්‍රෝන් උප ප්‍රබේදය සඳහා වන එන්නත් මිලියන 10ක් ලැබෙනු ඇති බවත් එය 2021 අග භාගයෙන් පසුව ඔස්ට්‍රේලියාවට ලැබෙන විශාලතම තොගය වන බවත් ඔහු කියාසිටියා.

පසුගිය මාස හය තුළ කොවිඩ් ආසාදනය නොවූ හෝ කොවිඩ් එන්නතක් ලබා නොගත් සියලූම වැඩිහිටියන් සඳහා ෆෙඩරල් රජය මේ වනවිට අතිරේක මාත්‍රාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම අතිරේක කොවිඩ් එන්නත් මාත්‍රාව ලබන පෙබරවාරි 20 දා සිට නොමිලයේ ලබා ගත හැකියි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »