තුර්කි භූමිකම්පාවෙන් මියගොස් ඇති බවට තහවුරු කරගත් ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව 03 දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙල්බන් නුවර පදිංචිවී සිටි 69 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව ඔහුගේ ඥාතීන් අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කර තිබුණා.
ඔහු රැඳී සිටි ගොඩනැගිල්ල බිමට සමතලා වී ඇති අතර සිරුර සොයාගත් බව සඳහන්.
මේ අතර භූමිකම්පාවට ගොදුරුවූ කලාපයේ සිටි ඔස්ටේ්‍රලියානුවන් 80 කට ආසන්න පිරිසකට සහන සැළසීමට පියවර ගෙන ඇති බවයි විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කලේ.
පසුගිය සඳුදා සිදුවු මෙම ඛේදවාචකයෙන් මේ වනවිට මියගොස් ඇති බවට තහවුරු වූ සංඛ්‍යාව 24,000 ඉක්මවා ගොස් තිබෙනවා.