මෙල්බන් ලාංකිකයන්ට අමතක නොවන ප්‍රසාංගික අත්දැකීමක් අද

මෙල්බන් හි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට දීර්ඝ කාලයකට පසු අමතක නොවන ප්‍රසාංගික අත්දැකීම් විඳගැනීමට අද දිනයේදී අවස්ථාව උදාවනවා.

ඒ මේරියන්ස් සංගීත කණ්ඩායමේ 35 වන සංවත්සරයට සමගාමීව සංවිධාන කර ඇති තාම 35 යි ප්‍රසංගයේදීයි.

Melbourne Festival Hall හි අද පස්වරුවේ පැවැත්වෙන මෙම ප්‍රසංගයට ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන තරු වන උමාරියා සිංහවංශ – සජිත ඇන්තනී සහ නදීමාල් පෙරේරාද සහභාගී වනවා.

මෙම ප්‍රසංගය සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ ඔස්ටේ්‍රලියාවේ අංක 01 ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV – Ausලංකා රේඩියෝ ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලය වෙතිනුයි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ දක්ෂ සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් හි ප්‍රසාංගික අත්දැකීම් කලකට පසු අත්විඳීමට මෙල්බන් හි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට මේ අනුව අවස්ථාවක් උදාවී තිබෙනවා.

මේරියන්ස් සංගීත කණ්ඩායම ඔස්ටේ්‍රලියාවේ ප්‍රසංග සංචාරයකට පැමිණෙනුයේ වසර 03 කට පසුව වීමද විශේෂත්වයක්.

Tickets – 🎫https://www.trybooking.com/CEOZI

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »