ඔස්ටේ‍රලියාවේ නවතම අභ්‍යන්තර ගුවන් සේවය ලබන මස සිට

ඔස්ටේ‍රලියාවේ නවතම අභ්‍යන්තර ගුවන් සේවය වන Bonza සඳහා ගුවන් ගමන් ආරම්භ කිරීමට පියාසර බලපත්‍රය ලැබී තිබෙනවා.

ඒ අනුව සිය මූලස්ථානය වන සන්ෂයින් කෝස්ට් හි සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ Cairns, Townsville, the Whitsunday coast, Mackay, Rockhampton, Gladstone, Bundaberg, and Toowoomba Wellcamp යන ගමනාන්ත වෙත අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සූදානමින් පසුවන්නේ.

ඊට අමතරව අනෙකුත් ප්‍රාන්තවල පිහිටි Coffs Harbour, Port Macquarie, Tamworth, Newcastle, Albury, Mildura, Avalon, and Melbourne යන ගමනාන්ත වෙතද ඔවුන් ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇති.

වසර 15 කට පමණ පසු ඔස්ටේ්‍රලියාවේදී ආරම්භ වන පළමු ප්‍රාදේශීය ගුවන් සේවය Bonza වනවා.

මෙහි ගුවන් ටිකට්පත් තවත් දින කිහිපයකින් ආරම්භ වන අතර ගුවන් ගමන් පෙබරවාරි සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »