ඔස්ටේ්‍රලියා මත්පැන් පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්

තමන් කැමතිම මත්පැන් විශේෂය වෙළඳසැලේ අලෙවියට තබා ඇතිදැයි නිවසේදීම දැන ගත හැකි පරිදි සිය ජංගම දුරකථන ඇප්ලිකේෂනය යාවත්කාලීන කිරීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම මත්පැන් අලෙවිසැලක් වන Dan Murphy’s පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වෙනත් ස්ථානයකදී හෝ තමන්ට හමුවන මත්පැන් වර්ගයක ඡායාරූපයක් ගෙන ඇප්ලිකේෂනයට ඇතුළත් කිරීමෙන් එය නිවසටම ගෙන්වා ගැනීමටද මේ යටතේ අවස්ථාව උදාවනු ඇති.

තමන් විසින් අලෙවි කරන මත්පැන් විශේෂ 25,000 ක් පමණ මේ යටතේ තෝරා ගත හැකි බව Dan Murphy’s පවසනවා.

වෙළඳසැලේදී මත්පැන් තෝරා ගැනීමේදී මුහුණු දෙන දුෂ්කරතා ද මේ යටතේ සැළකිය යුතු මට්ටමකින් තුරන් වනු ඇති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

පසුගිය අගෝස්තු සිට මෙහි අත්හදා බැලීම් සිදුකල බවත් පාරිභෝගික ප්‍රතිචාර ඉහළ මට්ටමක පවතින බවත් ඔවුන් තවදුරටත් කියාසිටියා.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »