වික්ටෝරියා මන්ත්‍රීනියකගෙන් අගමැති ඇන්ඩෲස්ට තර්ජනයක්

වික්ටෝරියා ස්වාධීන මන්ත්‍රීනී Catherine Cumming විසින් අගමැති ඩැනියල් ඇන්ඩෲස් ට ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Flinders Street දුම්රිය ස්ථානය අසල පැවති ප්‍රචාරක වැඩසටහනක් අතරතුරයි ඇය විසින් මෙම තර්ජනය එල්ල කර ඇත්තේ.

කෙසේවෙතත් තම අදහස් දැක්වීම වරදවා වටහාගෙන ඇති බවයි Catherine Cumming පවසන්නේ.

ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක මැතිව් ගයිද අප්‍රසාදය පළකර තිබෙනවා.

වික්ටෝරියා මැතිවරණය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාවේ නිරත මෙල්බන් සරසවි සිසුන්ගෙන් ප්‍රතිඥාවක්

විශ්ව විද්‍යාල පරිපාලකයින් තම ඉල්ලීම්වලට එකඟ වන තෙක් ගොඩනැගිල්ලෙන් පිට නොවන බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කඳවුරු ලාගෙන සිටින පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් පවසනවා.

Read More »