Facebook සහ Instagram ගැන විශේෂ පරීක්ෂණයක්

මෙටා සමාගම සතු Facebook සහ Instagram සමාජ මාධ්‍ය වෙත ළමයින් ඇබ්බැහි වන බවට වූ සැකය මත යුරෝපා සංගමය බ්‍රහස්පතින්දා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යුරෝපීය පරිශීලකයින් ආරක්ෂා කිරීමට සහ නීතිවිරෝධී අන්තර්ගතයන් මැඩපැවැත්වීමට ලොව විශාලතම තාක්ෂණික සමාගම්වලට බල කරන ඩිජිටල් සේවා පනත (DSA) නමින් හැඳින්වෙන දැවැන්ත නීතියක් යටතේ එම පරීක්ෂණය සිදු කෙරෙන බව සඳහන්.

මෙය මෙටා සමාගම පිළිබඳ කෙරෙන දෙවන පරීක්ෂණයයි.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම්හි ප්‍රචාරය වන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට එම සමාගම් අපොහොසත් බවට චෝදනා කරමින් පසුගිය මාසයේ යුරෝපීය සංගමය මගින් ද පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

තරුණ යුරෝපීයයන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා මෙම විමර්ශනය සිදු කරන බවයි යුරෝපා සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙටා ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට මෙටා සමාගම කටයුතු කරන බවයි.

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »

වික්ටෝරියාවේ Gellibrandහි ඇවිදින මංතීරුවක අබිරහස් මළ සිරුරු දෙකක්

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයේ ඇවිදින මංතීරුවක තිබී හමු වූ පුද්ගල මළ සිරුරු දෙකක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »