ලොව මිලියනපතියන් වැඩියෙන් ඉන්න නගර 10 අතරට ඔස්ට්‍රේලියාවේ නගරයකුත්

ලොව මිලියනපතියන් වැඩි වශයෙන් ජිවත්වන නගර 10 අතරට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ද නම් කර තිබෙනවා.

ලෝකයේ ධනපතියන් සම්බන්ධයෙන් සමීක්ෂණ සිදු කරනු ලබන විශේෂඥයින් විසිනුයි ලොව සමස්ත ජනගහනය අතර වැඩිම කෝටිපතියන් සිටින නගර 10 මෙලෙස නම් කර ඇත්තේ.

හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් විසින් සිදු කරන ලද මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් කරගෙන ඇත්තේ ඩොලර් මිලියන 1.5ක ධනයක් ඇති පුද්ගලයන් බව සඳහන්.

ඒ අනුව ලොව වැඩිම මිලියනපතියන් සිටින නගරය ලෙසට ඇමරිකාවේ නිව්යෝක් නගරය නම් කර තිබෙනවා.

එහි සමස්ත මිලියනපතියන් 349500ක් සිටින අතර එය 2013 වසරට වඩා සියයට 48ක වැඩිවීමක් බවයි සඳහන් වන්නේ.

දෙවන ස්ථානයට ඇමරිකාවේ ද බේ ඒරියා පැමිණ ඇති අතර එහි සිටින මිලියනපතියන් සංඛ්‍යාව 305700ක්.

මිලියනපතියන් 298300ක් සමග ජපානයේ ටෝකියෝ නගරය තුන්වන ස්ථානයට පැමිණ ඇති අතර එය 2013 වසරට සාපේක්ෂව සියයට 5ක පහත වැටීමක් බවයි සඳහන් වන්නේ.

සිංගප්පූරුව මිලියනපතියන් 244800ක් සමගින් 4 වන ස්ථානයට පත්ව තිබෙනවා.

2013 වසරට වඩා සියයට 10කින් මිලියනපතියන් ප්‍රමාණය පහත වැටී ඇති ලන්ඩන් නුවර මෙම ශ්‍රේණිගත කිරීමේ 5 වන ස්ථානයේ සිටින අතර එහි වාර්තා වී ඇති මිලියනපතියන් ගණන 227000ක්.

ප්‍රංශයේ පැරිස් නුවර 7 වන ස්ථානටත් 8 වන ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරටත් ලැබි තිබෙනවා.

සිඩ්නි නුවර මේවන විට සිටින මිලියනපතියන් ගණන 147000ක් වන අතර එය 2013 වසරට වඩා සියයට 34ක ඉහළ යාමක් බවයි පැවසෙන්නේ.

9 වන ස්ථානයට හොංකොං නුවර පැමිණ ඇති අතර 10 වන ස්ථානයට පැමිණ ඇත්තේ චීනයේ බිජිං නගරයයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »