Search

විරෝධතාවේ නිරත මෙල්බන් සරසවි සිසුන්ගෙන් ප්‍රතිඥාවක්

විශ්ව විද්‍යාල පරිපාලකයින් තම ඉල්ලීම්වලට එකඟ වන තෙක් ගොඩනැගිල්ලෙන් පිට නොවන බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කඳවුරු ලාගෙන සිටින පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් පවසනවා.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ සිටින පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් පවසන්නේ ඔවුන්ගේ කඳවුරු සිය කැමැත්තට එරෙහිව ඉවත් කිරීමේ සැලසුමක් ඇති බවයි.

මෙල්බර්න් සහ අවට විශ්ව විද්‍යාල කිහිපයක කඳවුරු පිහිටුවනු ලැබූ විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයට සම්බන්ධ ආයුධ සමාගම් සමඟ සබඳතා නතර කරන ලෙසටයි.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පලස්තීන හිතවාදී කඳවුරක් විසුරුවා හැර තිබුණ ද මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක් අල්ලාගෙන සිටින කණ්ඩායම පවසන්නේ තමන්ට ඉවත් වීමට අදහසක් නොමැති බවයි.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ සහයෝගය ඇතිව කඳවුරු සංවිධායකයින් විසින් සියලුම කූඩාරම්, බැනර් සහ අනෙකුත් පුවරු ඉවත් කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

එහෙත් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සිසුන්, ඊශ්‍රායලයට සම්බන්ධ ආයුධ නිෂ්පාදකයින් සමඟ සබඳතා කපා හරින ලෙස විශ්වවිද්‍යාල පරිපාලකයන්ගෙන් ඉල්ලා සිටිමින් සති කිහිපයක් තිස්සේ නගරය පුරා විරෝධතා පවත්වමින් සිටිනවා.

ඩීකින් විශ්ව විද්‍යාලය, මොනෑෂ් විශ්ව විද්‍යාලය සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කඳවුරු ස්ථාපිත කර ඇති අතර මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ සිය ගනනක් සිසුන් පාර්ක්විල් මණ්ඩපයේ ආර්ට්ස් වෙස්ට් ගොඩනැගිල්ලට කඩා වැදී එහි බලය අත්පත් කරගෙන තිබුණා.

පාර්ක්විල් මණ්ඩපයේ සිසුන් තම විරෝධතා දිගටම කරගෙන යාමට ප්‍රතිඥා දුන් අතර විශ්ව විද්‍යාලය තම ඉල්ලීම්වලට එකඟ වන තුරු ඉවත් නොවන බවයි ඔවුන් අවධාරණය කළේ.

කණ්ඩායම සිකුරාදා පස්වරුවේ විශ්ව විද්‍යාලය සමඟ රැස්වීමක් පැවැත්වූ අතර එහිදී ඔවුන්ට කලා පීඨ ගොඩනැගිල්ලේ විරෝධතා අවසන් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

එහෙත් සිසුන් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »