පිරිමින්ට වෙන්වූ මෙල්බන් සමාජ ශාලාවක දොර කාන්තාවන්ටත් විවෘත වෙයි

මෙල්බන්හි පිරිමින්ට පමණක් සීමාවී තිබූ සමාජ ශාලාවක් කාන්තාවන් සඳහා ද අවස්ථාව ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙල්බන්හි සැවේජ් ක්ලබ් (Savage Club) තුළ කාන්තාවන්ට සීමිත අවස්ථාවක් පිරිනැමීමටයි පියවර ගෙන ඇත්තේ.

Savage Club සමාජ ශාලාව වසර 130ක් පමණ ඉපැරණි වන අතර එහි ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කාන්තාවන් වෙනුවෙන් විවෘත වුයේ නැහැ.

මෙම සමාජ ශාලාව තරුණයින් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඉදිරියේදී සීමිත කාන්තාවන් පිරිසකට ඊට ඇතුල්වීමට අවස්ථාව හිමිවනු ඇති.

දෙසැම්බර් සහ ජනවාරි මාසවල පවත්වන ලද සමීක්ෂණයේ ප්‍රතිඵලයකට අනුව සමාජ ශාලාවේ සභාපති ඩේවිඩ් මැකබින් විසින් මෙම පියවර ගෙන තිබෙනවා.

කාන්තාවන්ට ද පිරිමින් හා සමාන අයිතීන් ලබා දීම මෙහි අරමුණ බව ප්‍රකාශ කර ඇති අතර සමීක්ෂණයට සහභාගිවූවන්ගෙන් වැඩි දෙනෙක් කාන්තායන් සඳහා අවස්ථාව ලබා දීමට එකඟතාව පලකර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »