ඔස්ටේ්‍රලියානුවන් ඉලක්ක කර ක්‍රියාත්මක තවත් වංචාවක්

ඔස්ටේ්‍රලියානුවන් ඉලක්ක කර ක්‍රියාත්මක කෙරෙන තවත් Scam ඝනයට අයත් වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කර තිබෙනවා.

තම ජංගම දුරකථනය වැසිකිළියට වැටුණු බවටත් නව අංකය සටහන් කර තබාගන්නා ලෙසටත් පුතා හෝ දියණිය විසින් එවන කෙටි පණිවිඩයක් ආකාරයටයි එය යොමු කෙරෙන්නේ.

අනතුරුව කිසියම් මුදලක් ඉල්ලා සිටින අතර ඒ හරහා ක්‍රෙඩිට් කාඩ් අංක වංචාවක් සිදුවන බව සඳහන්.

මීට සති කිහිපයකට පෙර සීඝ්‍රයෙන් පැතිර ගිය Hi Mum වංචාව හා සමාන අයුරින් මෙයද ක්‍රියාත්මක වනවා.

මෙම වසරේ පළමු මාස 07 තුළදී විවිධ වංචාවන්ට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව 1,150 ක් වන අතර වංචාවට ලක්ව ඇතැයි සැලකෙන මුදල ඩොලර් මිලියන 2.6 ක්.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »