තවත් ප්‍රාන්තයක් මුව ආවරණ යළි පළඳින්න කියයි

කොවිඩ් අවධානම ඉහළයාම හමුවේ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ නැවත වරක් මුහුණු ආවරණ පැළඳීම යෝග්‍ය බවට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ නිර්දේශ ලබාදී තිබෙනවා.

පෙර සතියේ සටහන්වූ ආසාධිතයන් 3797 ක් වූ අතර පසුගිය සතියේදී එය 6867 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

පවතින රෙගුලාසි වල කිසිදු සංශෝධනයක් නොකරන නමුත් මුහුණු ආවරණ පළදින්නැයි ප්‍රාන්තවාසීන්ගෙන් දැඩිව ඉල්ලා සිටින බව දකුණු ඔස්ටේ්‍රලියා අගමැති සඳහන් කලා.

මේ අතර ඔස්ටේ්‍රලියාව තුළ 04 වන කොවිඩ් රැල්ලක අවධානම පැවතියද ප්‍රාන්ත සීමා වසා දැමීමෙන් පමණක් වෛරසය පාලනය කල නොහැකි බව විද්වතුන් පෙන්වා දෙනවා.

හැකිතාක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය ප්‍රධාන විය යුතු බවටයි ඔවුන් යෝජනා කර සිටින්නේ.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »