ෂී ජිංපිං – ඇල්බනීස් මුහුණට මුහුණ සාකච්ඡාව හෙට

චීන ජනාධිපති ෂී ජිංපිං සහ තමා අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වෙන බව අගමැති ඇන්තනී ඇල්බනීස් අද තහවුරු කලා.

ජි20 රාජ්‍ය නයක සමුලුවට සහභාගීවීම සඳහා අගමැතිවරයා අද පෙරවරුවේ ඉන්දුනීසියාවේ බාලි නුවරට පැමිණි අතර අනතුරුව මාධ්‍ය අමතමිනුයි ඔහු මේ බව සඳහන් කලේ.

මැල්කම් ටර්න්බුල් අගමැතිවරයාගෙන් පසු චීන – ඔස්ටේ්‍රලියා නායකයන් දෙදෙනෙකු අතර මුහුණට මුහුණ නිල සාකච්ඡාවක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙයයි.

චීන අගමැතිවරයා සහ අගමැති ඇල්බනීස් අතර කෙටි සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා කාම්බෝජයේදී පවත්වා තිබුණා.

චීනය සහ ඔස්ටේ්‍රලියා එක්තරා දුරකට පලුදුවී ඇති සබඳතා යළි ශක්තිමත් කරගැනීම මෙහිදී සිදුවනු ඇති බවද සඳහන්.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ සංචාරයකට පැමිණෙන ලෙස අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ට ආරාධනාවක් සිදුකර තිබෙනවා.

චීන – අමෙරිකා ජනාධිපතිවරුන් අතර හමුව අද පැවැත්වීමට නියමිතයි.

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »