තවත් ඔස්ටේ්‍රලියානුවන් 500 කගේ මෙඩිබෑන්ක් තොරතුරු එළියට

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් විසින් තවත් ඔස්ටේ්‍රලියානුවන් 500 කගේ පමණ අතිශය සංවේදී පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කර තිබෙනවා.

මානසික ආබාධ – හෘද රෝග – දියවැඩියාව – ඇදුම – පිළිකා සහ විශාදය ඇතුලු විවිධ රෝගාබාධ සඳහා ගනු ලැබූ ප්‍රතිකාර පිළිබඳ තොරතුරු ද ඒ අතර වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

දත්ත මුදා හැරීම වලක්වාලීම සඳහා ඩොලර් මිලියන 15 ක කප්පම් මුදලක් දෙන ලෙස කල ඉල්ලීම මෙඩිබෑන්ක් විසින් ප්‍රතික්ෂේප කිරීම හමුවෙියි සයිබර් ප්‍රහාරකයන් විසින් මෙලෙස දෛනිකව පුද්ගලික තොරතුරු මුදාහරිමින් සිටින්නේ.

මෙඩිබෑන්ක් පාරිභෝගිකයන් ලක්ෂ 97 කගේ තොරතුරු සොරා ගැනීමට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය එල්ලකරනු ලැබ ඇත්තේ රුසියානු සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් බවට සනාථ වී ඇතැයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »