ඔස්ට්‍රේලියාවට තියුණු ජයක් – ශ්‍රී ලංකාව ඉවතට

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 4ක තියුණු ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

මෙම ප්‍රථිඵලයත් සමග හෙට පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගය ජයගත්තද ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාවක් උදා නොවේ.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබාගැනීමට සමත්විය.

එහිදී වේගවත් පිතිහරඹයක නියැලුණු මැක්ස්වෙල් පන්දු 32කදී නොදැවී ලකුණු 54ක් රැස්කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්විය.

Mitchell Marsh පන්දු 30කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 45ක් රැස්කරගත්තේය.

Naveen-ul-Haq ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දුවාර 4කදී ලකුණු 21කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

Fazalhaq Farooqi කඩුලු 2ක් දවාගත් අතර Mujeeb Ur Rahman සහ Rashid Khan එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »