කාසියේ වාසිය ඇෆ්ඝනිස්ථානයට – මුලින් පහර දෙයි

ශ්‍රී ලංකා ඇෆ්ඝනිස්ථාන පන්දුවාර 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානය මුලින් පහර දෙයි.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ එක වෙනස්කමක් සිදුව තිබෙනවා.

ඒ චාමික කරුණාරත්න වෙනුවට ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවීමටයි ශ්‍රී ලංකා පිල තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පූර්ව බලාපොරොත්තු මේ වනවිට බිඳවැටී ඇති අතර කිසියම් අයුරකින් කාණ්ඩයේ මුල් ස්ථාන 04 ට පිවිසීමට හැකිවුවහොත් ලබන පන්දුවාර 20 ලෝක කුසලානයේදී තෝරා ගැනීම් වටයකින් තොරව සෘජුවම සුපිරි 08 දෙනා අතරට පිවිසීමට හැකිවනු ඇති.

බ්‍රිස්බන් වේලාවෙන් පස්වරු 02 ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 09.30 ටයි තරගය ආරම්භ වන්නේ.

සුපිරි 12 වටයේ මේ දක්වා සහභාගී වූ තරගවලින් ශ්‍රී ලංකාව ජය ගත්තේ අයර්ලන්තයට එරෙහි තරගය පමණයි.

නවසීලන්තය සහ ඔස්ටේ‍රලියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර ප්‍රසාද ළකුණු සටහනේ ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ 05 වන ස්ථානයයි.

ඇෆ්ඝනිස්ථානය 06 වන ස්ථානයේ පසුවනවා.

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

සිඩ්නි සහ බ්‍රිස්බේන් ගුවන්තොටුපලවලින් මගීන්ට දැනුම්දීමක්

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවයේ ගුවන් ගමන් අවලංගු කිරීම හමුවේ එම ගුවන් යානාවල ආසන වෙන් කර ගත් මගීන්ට අද සහ හෙට ගුවන් තොටුපළට නොයන ලෙසට බ්‍රිස්බේන් සහ සිඩ්නි ගුවන් තොටුපළ දැනුම්දී තිබෙනවා.

Read More »

අද සිට ඔස්ට්‍රේලියාවේ වීසා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසුන්ට අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය අද සිට ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »