වනිඳු පසුබසී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව එළිදක්වා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග, විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉහළ ට පැමිණ තිබෙන අතර, මෙම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඔහු වනිඳු හසරංගව පසුකරගෙන ඉදිරියට ආ පළමු අවස්ථාව ද වනවා.

එපමණක් නොව, මින් පෙර විස්සයි විස්ස ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් ක්‍රියාවලියේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත ලැයිස්තුවේ හත්වැනි ස්ථානයේ සිටි වනිඳු හසරංග එම ලැයිස්තුවේ ද එක් ස්ථානයක් පහත බැස අටවැනි ස්ථානය දක්වා පසු බැස තිබීම ද විශේෂත්වයක්.

නමුත් විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ අට වැනි ස්ථානයේ පසු වූ පැතුම් නිස්සංක සිය ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැතිව අටවැනි ස්ථානයේ ම රැඳී සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් ළමයින්ට විශේෂ වැඩසටහනක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී කාන්තාවකගේ වාහනය කොල්ලකන්න ගිය බාල වයස්කරුවන්ට වෙච්චි දේ

මෙල්බර්න් නුවරදී කාන්තාවක් විසින් පදවාගෙන ගිය මෝටර් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැරිස් ඔලිම්පික් උළෙලේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම ව්‍යර්ථ කළ හැටි

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පාපන්දු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ 18 හැවිරිදි තරුණයෙකු, ප්‍රංශ ආරක්ෂ අංශ විසින් Saint-Etienne හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්වල E-scooter පදිනවා නම් මේ ගැනත් දැනගෙන ඉන්න

මෙල්බර්න් හි E-scooter භාවිතා කරන්නන් මාර්ග නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගමන් කිරීම හේතුවෙන් ඔවුන් දැනුවත් කිරීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »