මෙල්බන්වල E-scooter පදිනවා නම් මේ ගැනත් දැනගෙන ඉන්න

මෙල්බර්න් හි E-scooter භාවිතා කරන්නන් මාර්ග නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගමන් කිරීම හේතුවෙන් ඔවුන් දැනුවත් කිරීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය E-scooter භාවිතා කරන්නන්ගේ නීතිවිරෝධී හැසිරීම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අතර පසුගියදා මෙල්බර්න්හි දින දෙකක මෙහෙයුමකදී දඩ 300 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රථ වාහන සහකාර කොමසාරිස් ග්ලෙන් වීර් පැවසුවේ මෙම මෙහෙයුමේදී පෞද්ගලික E-scooter භාවිතා කරන්නන් සහ කුලියට ගත් E-scooter භාවිතා කරන්නන් අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් පදික මංතීරුවල ගමන් කිරීම, ආරක්‍ෂිත, හිස්වැසුම් නොපැළඳීම මෙන්ම පොලිසිය සිටියදී පවා නොසැලකිලිමත් ලෙස ධාවනය කරන බවට චෝදනා එල්ලවී තිබෙනවා.

නවතම වාර්තා පෙන්වා දෙන්නේ 2022 වසරේදී E-scooter අත්හදා බැලීම ආරම්භ වූ දා සිට ඒහා සම්බන්ධ අනතුරුවලින් තුවාල ලබා මෙල්බර්න්හි රෝහල්වලට ඇතුලත් වන සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ E-scooter ​​පැදවීම සඳහා වයස අවුරුදු 16 ට වැඩි විය යුතු අතර පැයට කිලෝමීටර් 20 නොඉක්මවන වේගයකින් ගමන් කළ යුතු වනවා.

ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීම, වාහනය පාලනය කර ගැනීමට හැකි ආකාරයෙන් වගකීමෙන් ගමන් කිරීම, සීනුවක් හෝ එවැනි යමක් අනතුරු ඇඟවීමක් ලෙස භාවිත කිරීම, පදිකයන්ට ඉඩදී මාර්ග නීතිවලට අනුකුලව ධාවනය කිරීම කළ යුතු බවයි දැනුම් දෙන්නේ.

විද්‍යුත් ස්කූටර් ධාවනය කරන අතර ජංගම දුරකථන භාවිතා කිරීම, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කිරීම, මගීන් හෝ සතුන් රැගෙන යාම වැනි කටයුතු තහනම් වනවා.

මෙල්බර්න් හි ක්‍රියාත්මක වන විශාලතම E-scooter කුලියට ලබාදෙන සමාගම් දෙක වන්නේ Neuron සහ Lime වන අතර ඔවුන් ද මේ පිළිබඳ උපදෙස් රියදුරන්ට ලබා දෙනු ලබනවා.

වික්ටෝරියා රජය විසින් විද්‍යුත් ස්කූටර් පදවන්නන්ට මාර්ගවල ගමන් කිරීම ආරක්ෂිත කිරීම සඳහා නව නීතිමය පියවර ගත යුතු බවට ද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »