මෙල්බන්වලදී කාන්තාවකගේ වාහනය කොල්ලකන්න ගිය බාල වයස්කරුවන්ට වෙච්චි දේ

මෙල්බර්න් නුවරදී කාන්තාවක් විසින් පදවාගෙන ගිය මෝටර් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා සවස 3 ට පමණ Williams Landing හිදී සැකකරුවන් මෙම කාන්තාවට මරණ තර්ජනය කර රථයෙන් ඉවතට ඇද දමා එය පැහැරගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඇයට මෙම සිදුවීමෙන් අනතුරක් වී නොමැති අතර වහාම සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබුණා.

පැය කිහිපයකට පසුව Taylors Lake හිදී සැකාකර බාල වයස්කරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

කාන්තාවගේ මෝටර් රථය ද ඇයට ආපසු ලබා දුන් බවයි පොලිසිය සඳහන් කළේ.

අවුරුදු 15 සහ 17 වයස්වල පසුවන පිරිමි ළමයින් දෙදෙනාට මෝටර් රථ කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් තිදෙනා ළමා අධිකරණයට ​​ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »