දකුණු ඔස්ට්‍රේලියාවේ සැත්කම් කිහිපයක් නවතී

දකුණු ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙසට රෝගී ධාරිතාවය ඉහළ යන බැවින් තෝරා ගත් සැත්කම් කිහිපයක් අවලංගු කර තිබෙනවා.

ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය එහි පූර්ණ ධාරිතාවයට ළඟා වී තිබීම හේතුවෙන් 2022 වසරෙන් පසු පළමු වරට ප්‍රාන්තය පුරා හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම හදිසි පියවර අවම වශයෙන් සතියක්වත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා උණ ඇතුළු රෝගී තත්වයන් මෙම ගැටලුවට හේතුවී තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විධායක වෛද්‍ය රොබින් ලෝරන්ස් පැවසුවේ පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව දැනට රෝහල්වල රෝගීන් 200ක් වැඩිපුර සිටින බවයි.

කොවිඩ්-19 රෝගීන් 140ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් 270කට පමණ COVID-19 හෝ උණ වැළඳී ඇති බව සඳහන්.

දකුණු ඔස්ට්‍රේලියාවේ පසුගිය සතියක කාලය තුළ COVID-19 රෝගීන් 2400 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »